27 C
Colombo
04/10/2024

පාස්පෝර්ට් අලුත් ලොක්කොත් අධිකරණ නියෝග වලට පිටින් කටයුතු කිරීමේ උත්සාහයක

Share with your friends :

අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් මගින් නවතා දමා ඇති පාස්පෝර්ට් ගනුදෙනුවට සම්බන්ධ ආයතන හරහා නව පාස්පෝර්ට් මිලදී ගැනීමට වර්තමාන ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ද කටයුතු කරමින් ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රංශ තාලෙස් සමාගම හා ජස්ට් ඉන් ටයිම් සමාගම ඒකාබද්ධව නව E -PASSPORT ලබාදීම සිදුකරන්නට ගිය අතර එය මුලික ටෙන්ඩර් පිරිවිතර උල්ලංඝනය කල දුෂිත ගනුදෙනුවක් බව පවසමින් අනෙකුත් අයදුම්කරුවන් අධිකරණයට පැමිණිලි කල අතර එම නිසා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.
කෙසේ වෙතත් පසුව යලිත් අධිකරණ නියෝගයක් ලැබී ඇත්තේ දැනට ඇති N වර්ගයේ PASSPORT සංඛ්‍යාව සීමිත බැවින් මහජනතාවට අසීරුතාවක් නොවන පරිදි තාවකාලික මිලදී ගැනීම් සඳහා බව පැවසේ. ඒ අනුව දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්තරා දුෂිත නිලධාරීන් පිරිසක් උත්සහ දරන්නේ අදාළ දුෂිත ගනුදෙනුව සිදුකල බවට චෝදනා ඇති සමාගමෙන්ම PASSPORT 47500 ක් මිලදී ගැනීමට බව පැවසේ.
CHIP එකක් පවා නොමැති සේම පැරණි PASSPORT වලට වඩා පිටු 16 ක් අඩු එම PASSPORT මිලදී ගැනීමට උත්සහ කරන්නේ ඔවුන් E-PASSPORT සඳහා ඉදිරිපත්කල මිලට වඩා යුරෝ ශත 10 ක් පමණක් අඩු මුදලට බව පැවසේ.
ඉහත දුෂිත ගනුදෙනුව පසුපස සිටින අදාළ අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු මේ වන විට විශ්‍රාම යාම සඳහා ඉල්ලුම්පත් ලබාදී ඇති අතර ඔහු මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කරන බව පැවසේ.
දුෂිත වීසා ක්‍රමවේදය නිවැරදි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු ආගමන විගමන පාලකවරයා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී. ඔහුට ඒ සඳහා උපදෙස් හෝ බලපෑම් කර ඇත්තේද අමාත්‍යංශයේ ඉහතකී ඉහල නිලධාරියා බව එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ සැක පල කරති. මෙවන් තත්වයක් මත තවත් ඒ ආකාරයේම කටයුතු කර රජයේ සේවකයෝ අමාරුවේ වැට්ටවීමේ උත්සහයක් දැයි ආගමන විගමන දෙපාර්තමේන්තු සේවකයන් ප්‍රශ්න කරති.

Share with your friends :