කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 2024 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ ප්‍රධාන ප්‍රකාශන සමාගමක වෙළඳ කුටියක් අසලදී එම සමාගමට සම්බන්ධව කටයුතු කළ සේවකයෙකු විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පාරිභෝගික තරුණයෙකුගේ හිස පැලී තිබේ.
අදාළ සේවකයා එම තරුණයාගේ බිරිඳට ද පහරදී ඇති බවටත් චෝදනා එල්ල වෙයි.
එම අවස්ථාවේදී ඒ අවට රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් එම පහරදීම වළක්වා ගැනීමට අපොහොසත්ව ඇති අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයාද එම ස්ථානය පලායාම උත්සාහ දරා ඇතැයිද සදහන්ය.
ඒ අවස්ථාවේ අදාළ සිදුවීම මාධ්‍යවේදියකු වන කල්ප ගුණරත්න මහතා විසින් ජංගම දුරකථනය ආධාරයෙන් පටිගත කොට තිබෙන්නේ සිදුවන අසාධාරණයට ද එරෙහිව හඬ නගමිනි.
නමුත් අවසානයේ සිදුව තිබෙන්නේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමය.