27 C
Colombo
04/10/2024

දරුවන් 30,000ක් මහමඟ-සිඟාකෑමට,ළමා ගණිකාවන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙනලු

Share with your friends :

අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ලංකා පුරා විදි දරුවන් 15000-30000 අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

මොවුන් අතරින් තුනෙන් එකකට මව හෝ පියා අහිමි බව ඔහු පෙන්වා දෙනවා.

තවත් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිහිටියන්ගේ රැකවරණයෙන් තොරව වීදි වල සැරිසරන බවත් විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම දරුවන් සිඟාකෑම, ළමා ගණිකාවන් ලෙස යොදා ගැනීම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාව සහ ප්‍රවාහනයට යොදා ගැනීම වැනි කරුණු වලට ගොදුරුවන බවද හෙතෙම අනාවරණය කරගෙන තිබුණා.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවද වීදි දරුවන් සැලකිය යුතු වශයෙන් දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මන්ද පෝෂණය, ශ්වසන රෝග, සම ආශ්‍රිත රෝග, ලිංගාශ්‍රිත රෝගාදියට මොවුන් ගොදුරු වීම පහසුවෙන් සිදුවන බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම දුප්පත්කම නිසා හෝ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා නොසලකා හරින ලද සමාජ කොට්ඨාස ගැන ද සමාජය අවධානය යොමු විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඔවුන් තුළද විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න මත සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

වතු ආශ්‍රිතවත් ඇතැම් ආගමික කොට්ඨාස තුළත් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ තුළත් තට්ටු නිවාස ආශ්‍රිතවත් මෙවන් නොසලකා හරින ලද කණ්ඩායම් සිටින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා ප්‍රතිපත්ති සකස් විය යුතු බව ඔහු අවධාරණය කරනවා.

Share with your friends :