27 C
Colombo
28/09/2024

මහින්දානන්ද සහ නලීන් ට එරෙහි නඩුවක් කල්යයි

Share with your friends :

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදුන් බවට චෝදනා එල්ලවී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.

එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණරාජා මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබාගොස් ඇති බැවින් එම පුරපාඩුවට වෙනත් විනිසුරුවරයකු පත් කරන තුරු නඩුව ලබන 04 වනදා දක්වා එම නඩුව කල්තබන ලෙස නියෝග කර තිබුණි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Share with your friends :