27 C
Colombo
25/09/2024

දරුවන් 50ක් ඇතුළු 558 ක් මරුතුරුලට යැවූ බිහිසුණු ප්‍රහාරය

Share with your friends :

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින්දිගටම පහර දෙන බව ඊශ්‍රායලය අනතුරු අඟවයි.

සඳුදා ආරම්භ කළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා දකුණු ලෙබනනයේ පුද්ගලයින් 558ක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් 50 දෙනෙක් දරුවන් ය.

1990 දී ලෙබනනයේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු එරට වාර්තා වූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සඳහන් වෙයි.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රහාර හේතුවෙන් 1500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

Share with your friends :