27 C
Colombo
23/09/2024

රටවල් රැසකින් නව ජනපති අනුර ට සුබ පැතුම්

Share with your friends :

මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් එහිදී තේරි පත්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුභාශිංෂන පිරිනමා තිබේ.

මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව එම හමුවේ දී ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතාට අමෙරිකා එක්සත් ජනපදය සිය සුභාශිංසන පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අගය කරන බවයි.

පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමට සුදානම් බව ද ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩේකි මහතා ද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පවසන්නේ තමන් ඇතුලු ජපාන රජය දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක්කර ඇත.

සමීප අසල්වැසියෙකු ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බව මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා ද සිය සුබ පැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරණයේ ලැබු ජයග්‍රහණය පිළිබඳව අවංකව තමන් සුබ පැතුම් එක්කරන බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Share with your friends :