27 C
Colombo
22/09/2024

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

Share with your friends :

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අද (19) එකඟතාවකට එළැඹී තිබේ.

ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් දිනාගනිමිනි.

මේ සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර අවසන් අතර, නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ 2022 වසරේ මුල් භාගයේ සිටය.

එම ආර්ථික අර්බුදය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමුවීමේ අරමුණ ඇතිව මෙරට මහ බැංකුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පළමුව අවසන් කෙරුණු අතර චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සිටින පැරිස් සමාජය සමග ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයටත්, ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග ඊට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහාත් සාකච්ඡා ඇරඹුණි.

ඉන් ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග පැවති සාකච්ඡා ඵලදායි අවසානයකට රැගෙන යමින්, පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුම්වලට එළැඹුණි.

Share with your friends :