27 C
Colombo
23/09/2024

බලය බෙදන හැටි සජිත් යාපනයේදී කියයි

Share with your friends :

එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) යාපනයේ මනිපායි ප්‍රදේශයේ පැවති ජනරැලියකදීය.

“එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම. පළාත් සභා සතු බලය මධ්‍යම අණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම. මෙන්ම මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යයෙන්ම උතුරු පළාත නැගෙනහිර පළාත කේන්ද්‍රීයකරගෙන යුද්ධය නිසා විශාල හානීයක් සිදු වුණු ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අපි අනිවාර්යයෙන් කැප වෙනවා කියන එක මේ අවස්තාවේ ප්‍රකාශ කරනවා….”

මේ අතර සජිත් ප්‍රෙමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජන රැලියක් කිලිනොච්චිය ප්‍රදේශයේදී අද පස්වරුවේ පැවැත්විය.

“මම පටන් ගත්තු හැම නිවාස ව්‍යාපෘතියක් ම ගෝඨාභය රාජපක්ෂ නතර කළා. රනිල් වික්‍රමසිංහට ඒවා කරන්න වූවමනාවක් තිබුණේ නෑ. 21 අපි දිනුවාහම, අසම්පූර්ණ නිවාස ව්‍යාපෘති යළි පණගන්වනවා. එවා නැවත වරක් ජනතාව අතට පත් කරනවා…”

Share with your friends :