27 C
Colombo
19/01/2025

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ – කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Share with your friends :

සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පොලිසියට පැමිණිලි කල බව සභාපතිවරයා පැවසීය.

ජනාධිපතිවරණ පනත අනුව ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම,ඡායාරූප ගතකිරීම සහ ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :