27 C
Colombo
22/09/2024

ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස

Share with your friends :

සමගි ජන බලවේගය බලයට පත්වු වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙන බව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ කොළඹ පැවති සමගි නීතිඥ සමුළුව අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපන්ෂ නායකවරයා…

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පලුදු නොකරන පොදුජනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට අපි නායකත්වය ලබා දෙනවා. දෙදහස් දහනමය ජනාධිපතිවරණයේ පසුබෑමෙන් පසුව දෙආකාරයක ආඥාදායක පාලන ක්‍රමවේද දෙකකින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට කටයුතු කරා. රට තුළ ඒකාධිපතීත්වය වපුරා: ජාති වාදය, ජාති භේදය, ආගම් වාදය, ආගම් භේදය, රාජ්‍ය න්‍යාය පත්‍රයේ ඉහළම තලයට ගෙනවිත් ත්‍රිපාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය වන ව්‍යවස්ථාදායක විධායකය සහ අධිකරණයේ සංවරණ හා තුලන මෙන්ම බලය බෙදී ගිය වැඩපිළිවෙළ අමු අමුවේ උල්ලංඝනය කරමින් විධායකයේ ශක්තිය තර කරන ව්‍යායාමකට ගියා.

එම දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් හරහා ඉවත් කරා. මුල් කාලයේ ක්‍රියාත්මක වුණේ සෘජු ආඥාදායකත්වය. එළිපිට ම ඒකාධිපතීත්වය වපුරමින් ආඥාදායක තනිපුද්ගල ක්‍රියාදාමය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරා. ඊට පසුවත්, වර්තමානයේත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කරමින් ඔවුන් කැමති පොලිස්පති පත් කරන තත්ත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කරා. මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.

මෙවැනි තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ රටක ව්‍යවස්ථාව පුද්ගල කේන්ද්‍රීයව නොවී: ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජනතා අයිතිය, හා ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන ආකාරයට සකස් විය යුතු බවයි. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙනවා. මගේ අරමුණ සහ වැඩපිළිවෙළ වෙන්නෙ ක්‍රමයේ වෙනසක් උදෙසා නීති ප්‍රතිසංස්කරණය කර මුලික අයිතිවාසිකම් කොටස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර ආර්ථික සමාජිය සංස්කෘතිය ආගමික ආදී අනෙකුත් අයිතිවාසිකම් දක්වා විහිදුවා ලන්නයි. ඒ අතර දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද ශක්තිමත් කළ යුතු යි.

මට පගා සංස්කෘතිය තුළ ඉන්න බෑ; ඒවා දරාගන්නත් බෑ. ඒ නිසා ඒවා සිදු කරෙත් නෑ; සිදු කරන්නෙත් නෑ. මට අගමැති වෙන්න හැත්තෑ එක් වතාවක් ආරාධනා කරා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කරා. ඒ වුනත් මම ප්‍රතිපත්ති පාවා දුන්නෙ නෑ; හොරු සමඟ එකට වාසය කරේ නෑ. රට හොරා කාපු හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට නම් ලැජ්ජයි. වස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒවා වුනත් තනි මතයට කරන්න මම සූදානම් නෑ. ඒ සඳහා පාර්ශ්වකරුවන්ගෙන් විවෘතව මත විමසලා වඩාත් නිවැරදි ප්‍රශස්ත දේ කරන්න කටයුතු කරනවා. රටේ පාලනය කියන්නෙ සදාකාලිකව හෝ සින්නක්කරව ලියා දීපු දෙයක් නෙවෙයි. ඒක තාවකාලික බාරකාරත්වයක්. ඒක නිහතමානීව බාර ගෙන රට දැය දේශය වෙනුවෙන් කරන්න පුළුවන් හැම ගනුදෙනුවක් ම කරන්නෙ ජාතික අවශ්‍යතාව ගැන හිතලයි.’’

Share with your friends :