27 C
Colombo
22/09/2024

22දා පොහොට්ටු කැබිනෙට්ටුවක් දිවුරන්න සූදානම් ?

Share with your friends :

රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදා මැතිවරණ වලට බිය නොවීය.

ජනතාවගේ මනාපය පිළිබඳ දැඩි විශ්වාසයක් පවතීයි.

එම විශ්වාසයෙන් නිසකව ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ද ජයග්‍රහණය කරන බව ලේකම්වරයා පැවසීය.

ඉන් පසුව ප්‍රාදේශීය සභා මට්ටමින් දැවැන්ත සංවර්ධනයක් සිදුකරන බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර රාජ්‍ය අමාත්‍යවරුන් 22 වැනිදා සිට කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන බව වැඩිදුරටත් පැවසීය.

Share with your friends :