27 C
Colombo
22/09/2024

ජනපති රනිල්, මාවෙයි සේනාධිරාජා හමුවෙයි

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සභාපති, මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා ගේ නිවසේදී සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයාව මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි.

ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

Share with your friends :