27 C
Colombo
22/09/2024

මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි.

මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා 6.0% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share with your friends :