27 C
Colombo
22/09/2024

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයි

Share with your friends :

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරකෂක බළකාය පවසයි.

රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී එම සිරුරු ඊයේ (31) සොයාගෙන තිබුණි.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු විය.

ඉන් හර්ෂ් ගෝල්ඩන්බර්ග් – පෝලින් අමෙරිකානු ජාතිකයෙකි.

2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය අතරතුරදී මෙම පිරිසද පැහැරගෙන තිබේ.

එම ප්‍රහාරයෙන් 1,200ක් පමණ මියගිය අතර 251ක් පැහැරගෙන ගොස් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගැනීමට හමාස් සංවිධානය කටයුතු කළේය.

ඔක්තෝබර් 07 ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ඇරඹු හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා පලස්තීනයේ 40,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 97ක් පමණ හමාස් භාරයේ සිටින බවයි.

Share with your friends :