27 C
Colombo
25/09/2024

පාස්කු විමර්ශනයට නාමල්ගෙනුත් ස්වාධීන ඒකකයක්

Share with your friends :

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ඒකකයක් පිහිටුවීමේ වගකීම අදාළ අංශ වෙත පවරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා
1971 සිට මේ දක්වා කාලය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා ජනතාවගේ සිත් බිඳීම් ජනතාව ජනතාව බෙදී වෙන්වීම් සිදුව ඇති බැවින් බිඳුණු සිත් සංසිඳුවන්න අවශ්‍ය බවයි නමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජන රැළියක් වත්තල බෝපිටිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එම ජන රැලියට සහභාගි වූ අතර cb රත්නායක මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් රැළියට සහභාගි වී සිටියා

Share with your friends :