27 C
Colombo
25/09/2024

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

Share with your friends :

2024 අගෝස්තු මාසයේ අවසන් සතියේ ගනුදෙනු ආරම්භ වූ අද (26) දිනයේ දී, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වුණි.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 162.08 කින් හා S&P SL20 දර්ශක අගය ඒකක 64.94 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒවා පිළිවෙලින් ඒකක 11,199.58 ක් හා ඒකක 3,189.11 ක් ලෙසින් වාර්ති විය.

මෙම පහළ යෑම් පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.43% ක් හා 2.00% ක් බැගින් වේ.

රු. මිලියන 554 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

සමාගම් 20 ක පමණක් කොටස් මිල ගණන් අද දින ඉහළ ගොස් තිබිණි.

කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් බලපාන ලදී. එම සමාගම් ද ඇතුළුව සමාගම් 154 ක කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබුණි.

Share with your friends :