27 C
Colombo
24/09/2024

ලංකාවේ ලෙඩේ ඇමරිකාවටත් බෝවේ – කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩිගේ සහය ට්‍රම්ප්ට

Share with your friends :

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ් කෙනඩිගේ ඥාති පුත්‍රයකු මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩිගේ පුත්‍රයකු වන කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩි රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හට මෙවර 2024 ජනාධිපතිවරණයේදී සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.
කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩි මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග වැදීමට ඉදිරිපත්ව සිටියේය.
ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් වන කෙනඩි පවුල කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩිගේ මෙම තීරණයත් සමග දැඩි කලකිරීමට පත්ව ඇති අතර තම පියාගේත් පවුලේ සාමාජිකයන්ගේත් ගෞරවනීය ඉතිහාසයට හා වටිනාකම් වලට ඔහු කැළලක් එක්කල බව නිවේදනය කර ඇත.

Share with your friends :