27 C
Colombo
24/09/2024

ජනපතිවරණය මැද ජනතාවට සහන දීම ගැන ප්‍රශ්න කරයි

Share with your friends :

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ජනතාවට මෙම සහන ලබාදී නොමැති බවය.

කෙසේ වෙතත් ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් එය ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Share with your friends :