27 C
Colombo
24/09/2024

අංගජන් -සාරතී මන්ත්‍රීවරුත් ජනපතිගේ සහායට එක්වෙති

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම්, සාරථි දුෂ්මන්ත හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අංගජන් රාමනාදන් යන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ද ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරති.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මොවුහු තම තීරණය දැනුම් දුන්හ.

අංගජන රාමනාදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර සාරතී දුෂ්මන්ත, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්විය.

Share with your friends :