27 C
Colombo
24/09/2024

පොහොට්ටු ආණ්ඩුවකින් ඉඩම් සහ පොලිස් බලතල බලාපොරොත්තු වෙන්න එපා – නාමල්

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් යටතේ පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.

හෙතෙම මෙලෙස පවසා සිටියේ අනුරාධපුරයේ පැවති මැතිවරණ රැලියට එක්වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ තමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර ජනතාවට බොරු පොරොන්දු ලබා නොදෙන බව යි. එමෙන් ම තමා කළ හැකි දේ කළ හැකි යැයි පවසන බවත් කළ නොහැකි දේ කළ නොහැකි බව ඍජුව පවසන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන බව ද නාමල් රාජපක්ෂ අවධාරණය අතර බෞද්ධ රටක සියලු ආගම්, භාශා සහ ජනතාව ආරක්‍ෂා කරන බව ද ඔහු පැවසී ය.

Share with your friends :