27 C
Colombo
23/09/2024

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.

එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Share with your friends :