27 C
Colombo
23/09/2024

ඉතාලි මුහුදේදී ශ්‍රීලාංකිකයෙකු ඇතුළු 22 ක් සමග සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයි

Share with your friends :

ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ.

බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 22ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය සමග ඇතිවූ ටොනේඩෝ තත්ත්වය අනතුරට හේතු වී ඇති බවට බලධාරීන් සඳහන් කර තිබේ.

යාත්‍රාවේ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද වන බව වාර්තා වෙයි.

මීට අමතරව බ්‍රිතාන්‍ය, අමෙරිකා, සහ කැනඩා ජාතිකයින් පිරිසක් එම සුඛෝපභෝගි යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයා කැනේඩියානු ජාතිකයෙකි.
බ්‍රිතාන්‍ය ධන කුවේරයකු වන Mike Lynch සහ ඔහුගේ 18 හැවිරිදි දියණියද සිද්ධියෙන් අතුරුදන්ව සිටිති.
අතුරුදන් වූ පුද්ගලයින් 06 දෙනා සොයා වෙරළාරක්ෂක නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Share with your friends :