27 C
Colombo
23/09/2024

සජබ මන්ත්‍රී වේලු කුමාර් රනිල්ගේ සහයට එක්වේ

Share with your friends :

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට
එක්වූවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිවරයට ලබාදෙන බවට සහතික විය.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

2019 වසරේ පැවති මහ මැතිවරණයෙදී ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Share with your friends :