27 C
Colombo
22/09/2024

ගුවන් තොටුපල නව බස් සේවාවට ලංගම සම්බන්ධ කර නොගත්තේ ඇයි ?

Share with your friends :

කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබේ. මෙහිදී විශේෂත්වය වන්නේ රජය සතු ලංගමය තිබියදී ඒ සඳහා පුද්ගලික සමාගමක් යොදවා ගැනීමය.
එම අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ කටුනායක ගුවන් තොටුපොළෙන් එම සේවාව ආරම්භ කරන්නටද සහභාගිවී තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් මෙරට තුළ සංචාරය සදහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම් ඔවුන් සිය බඩුබාහිරාදිය සමග ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 02 ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම් පොළ කරා ගමන් කළ යුතුව තිබුණි .

මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම , ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය , පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධ වී සංවිධානය කර ඇති අතර , ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ , අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා පිවිසෙන ආකාරයට මෙම බස් රථ ගමනාගමනය සූදානම් කර තිබේ .

මෙම නව බස් රථ සේවාව සදහා සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් යොදවා ඇති අතර , එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කිරීම ද සිදු වේ.
එසේම මගියෙකුගෙන් විශාල මුදලක් අයකර ගැනීම , ඒ සඳහා ලංගමට හා අනෙකුත් පුද්ගලික බස් හිමියන්ට අවස්ථා ලබා නොදීම බරපතල කාරණයකි.

Share with your friends :