27 C
Colombo
23/09/2024

මියුසියස් විදුහලට සුදුසුකම් ඇති විදුහල්පතිනියක පත් කරන්න-භාරකාර මණ්ඩලයට දන්වයි

Share with your friends :

ඉදිරි දිනවලදී පුරප්පාඩු වීමට නියමිත කොළඹ මියුසියස් විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සියලු සුදුසුකම් සපුරන අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ පළපුරුදු විදුහල්පතිනියක පත් කරන ලෙස මියුසියස් විද්‍යාලයේ දෙමාපිය සංසදය එහි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා වෙත ලිඛිතව දන්වා තිබේ.
මෙරට බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වැනි මියුසියස් විද්‍යාලයේ වසර 133 ක ගෞරවනීය අභිමානය ආරක්ෂා කල හැකි කාන්තාවක මෙවැනි භාරධුර තනතුරකට පත් කලයුතු බව පෙන්වා දෙන මියුසියස් දෙමාපියෝ එම තනතුර සාමාන්‍ය ගුරුවරියකට ලබාදුනහොත් පාසලේ විනය,අධ්‍යාපන විශිෂ්ඨත්වය දැඩි අවදානමකට පත්වන බවත් පෙන්වා දෙති.
විදුහල්පති තනතුර සුදුසු කාන්තාවකට ලබනොදුනහොත් පාසලේ ශිෂ්‍යාවන් , ගුරුවරියන් , ආදි ශිෂ්‍යාවන් හා දෙමාපියන් ඇතුළු පිරිස් විවිධ කණ්ඩායම් වලට වෙන්වීමට ඉඩ ඇති බවට පෙන්වාදෙන මියුසියස් දෙමාපියෝ එම නිසා සියලු දෙනාහට පිළිගත හැකි, බාහිර පාර්ශව වල බලපෑම් වලට යටත් නොවන සියලු සුදුසුකම් සපුරන විදුහල්පතිනියක විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් යටතේ පත් කලයුතු බවද මියුසියස් විද්‍යාලයේ දෙමාපිය සංසදය එහි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා වෙත දන්වා තිබේ.

Share with your friends :