27 C
Colombo
24/09/2024

ඉන්දීය බිත්තරයක් ලංකා රු.15 යි-වෙනකාටත් අවසර නෑ – STC විතරමයි

Share with your friends :

ඉන්දියානු වෙළඳපොලේ මේ වන විට බිත්තරයක තොග මිල ඉන්දියානු රුපියල් 4.20 කි. එනම් ශ්‍රීලංකා රුපියල් 15 කි.

මේ අතර ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තොගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි .

වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ද STC සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේය.

මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය
කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් පැවසූ ඔහු දේශීය බිත්තර වෙළෙදුන් අසීමිත ලෙස බිත්තර වලින් ලාභ ලබන බවත් පැවසිය.

මීට පෙර බිත්තර ආනයනය නතර කිරීමෙන් පසු බිත්තර වෙළෙදුන් වැඩි මිලට බිත්තර අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසාකෑ බවද ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බව සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය
මීට පෙර රජයෙන් ගෙන්වූ බිත්තර ද ඉතාම වැඩි මිලට මෙරට පාරිභෝගිකයනට විකුණන ලද අතර මෙවර එම බිත්තර විකුණන මිල සමබන්ධයෙන් බොහෝදෙනා දැඩි අවධානයෙන් සිටිති.
මීට පෙර පිටකොටුව තොග වෙළඳුන් බිත්තර ආනයනය කර රුපියල් 20 කට අලෙවිකරන්නට රජයේ බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇතත් එම අවසරය ලබා නොදුන් රජය ඒ සඳහා අවසර දී ඇත්තේ වෙළඳ අමාත්යංශය යටතේ ඇති රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පමණි.

Share with your friends :