27 C
Colombo
24/09/2024

බංග්ලාදේශය සන්සුන් – සිසුන් ගෙන් අන්තර්වාර රජයට සහය

Share with your friends :

බංග්ලාදේශය යලිත් වරක් සන්සුන්වී තිබේ. අන්තර් පාලන රජය මේ වන විට එරට පාලනය ආරම්භ කර තිබේ.
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් හා ප්‍රබල ආධාරකරුවන් 30 දෙනකු පමණ ඝාතනය කර ඇත. ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශවලදී සොයා ගෙන ඇත. එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ලකා විනාශ කර දමා ඇත. මොවුන් සියලුදෙනා දැඩි ප්‍රචණ්ඩත්වයක් රට පුරා පසුගිය වසර ගණනාවක් පුරා ඇතිකළ පිරිස් බව පැවසේ.
එරට විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයින් 88 දෙනෙක් පසුගිය වසර කීපය පුරා අතුරුදහන්ව ඇත්තේ ෂෙයික් හසීනා අගමැතිනියගේ පාලනය යටතේය. එම පිරිසට අත්වූ ඉරණම අදටත් අභිරහසකි.

Share with your friends :