27 C
Colombo
25/09/2024

මිහින්තලේ හිමියෝ සජිත්ට සහය පළකරති

Share with your friends :

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ.

ධම්මරතන නා හිමියන් මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟතාවය පළවීමෙන් අනතුරුව එම එකඟතා ලිපිය පිරිනැමීම සඳහා පැමිණි දූත පිරිස සමග අදපැවති සාකච්ඡාවකදීය.

ඒ සඳහා වූ එකඟතා ලිපිය නායක හිමියන් වෙත පිරිනැමීම සමගි ජන බලවේගය බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් වන මහාචාර්ය ගාමිණී රත්නත් ශ්‍රී හා මහාචාර්ය දුනේෂ් ගුණතිලක යන මහතුන් ඇතුළු දූත පිරිස විසින් සිදු කලහ.

ආනයන සහ අපනයන වෙළඳාම ඇති කරමින් පෘතුගීසින් පැමිණීමට පෙර යුගය නැවත ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම , උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම , ජාතින් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සිංහල හා දමිළ භාෂාවන් සියලු ජනතාවටම ඉගැන්වීම , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දුරයට පත්වීමට පෙර ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දී තිබූ සහනශීලි පිළිවෙත නැවත ඇති කිරීම , රාජ්‍ය පාලනය කිරීමේදී යෙන්ම ආගමික නායකයින්ගේ අනුශාසනා ලබා ගත යුතු වීම , ආදී වාසී ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම , වර්තමානයේ පවතින විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම හා පුරාවිද්‍යා පනත නැවත සංශෝධනය කර සාංඝික දේපළවල අයිතිය සම්බුද්ධ ශාසනයට පැවරීම යන යෝජනාවන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියන් වෙයි.

Share with your friends :