27 C
Colombo
24/09/2024

බන්දුල ඇතුළු පිරිස වැස්සවූ හෝමාගම බාර් උසාවිය යළි ඇරවයි

Share with your friends :

ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ තාවකාලිකව වසා දැමීමට නියම කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව හෝමාගම සුරාසල් දෙකකට නිකුත් කළ ලිපි ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් සිකුරාදා (9) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
හෝමාගම ජනතාවගේ ඉල්ලීමක් යයි තියමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පිරිසක් සමග එක්ව මේ වෙනුවෙන් විරෝධතා පැවැත්වූ අතර පසුව සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍රය අවලංගු කිරීමට මෙම දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
නමුත් එවැනි අවලංගු කිරීමක් නීත්‍යානුකූල නොවන බව උසාවියේදී කරුණු හෙළීදරව් කළ අතර
නිසි ලිපිලේඛන අනුව පවත්වාගෙන යන තම සුරාසල් තාවකාලිකව වසා දැමීමට නියම කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව ලිපි නිකුත් කිරීම සුරාබදු පනතට පටහැනි බව සඳහන් කරමින් සුරාසල් හිමියන් ඉදිරිපත් කළ අභියාචනා සැලකිල්ලට ගනිමින්, අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
මෙම පෙත්සම් සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවීමට ද උසාවිය නියම කළේය.
හෝමාගම පිටිපන යනු දැනුම කේන්ද්‍ර කරගත් ප්‍රදේශයක් බවත් මෙම තැනට බාර් අවශ්‍ය නැති බවත් ලබන පෝයට පෙර හෝමාගම ප්‍රදේශයේ පිහිටි තැබෑරුමක් ඉවත් නොකළහොත් දැඩි තීරණයක් ගන්නා බවත් තමන් ඇමති ධූරයෙන් ඉවත්වීමට සූදානම් බවත් පසුගිය 17 වනදා පැවති විරෝධතාවයේදී ඇමති බන්දුල සඳහන් කළ අතර ඒ සතියේ ඇමති නියමයට හේතු රහිතව එකඟවෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව තහනම ක්‍රියාත්මක කර තිබුණි.

Share with your friends :