27 C
Colombo
24/09/2024

බංග්ලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට

Share with your friends :

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහකළ ශිෂ්‍ය විප්ලවයෙන් අනතුරුව නොසන්සුන්ව පැවති බංග්ලාදේශයේ දෛනික කටයුතු නව භාරකාර රජය යටතේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් ශිෂ්‍යයින් අතට ගොස් තිබූ මහාමාර්ගවල පාලනය නැවතත් තමන් අතට ගනිමින් පොලිස් නිලධාරීන් රාජකාරීවල නිරතව සිටින බවත් එම වාර්තා පෙන්වා දෙයි.

පසුගිය දිනවල පැවති ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ශෙයික් හසීනාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු 450කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූහ.

Share with your friends :