27 C
Colombo
24/09/2024

මාව බලයෙන් පහකලේ ඇමරිකාව – ෂෙයික් හසීනා

Share with your friends :

බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය.

ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා ඔවුන්ට බෙංගාල බොක්ක පාලනය කිරීමට ඉඩ ලබා දුන්නේ නම් අරගලය ඇති නොවන බව හසීනා මහත්මිය පැවැසුවාය.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වී බංග්ලාදේශයෙන් පළා ඒමට ප්‍රථම තම ජනතාව අමතා මේ බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූවත් එම අවස්ථාවේදී එය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.

ශාන්ත මාටින් දූපත බෙංගාල බොක්කෙහි ඊසානදිග කොටසේ වර්ග කිලෝමීටර 3 ක් පමණක් වන කුඩා දූපතකි.

බංග්ලාදේශ සිසුන්ගේ මළ සිරුරු මතින් විරුද්ධ පාර්ශ්වයන්ට බලය ලබා ගැනීමට අවශ්‍ය වූ බවත් තමන්ට බංග්ලාදේශ ජනතාව මියයන අයුරු බලා සිටිය නොහැකි වූ බවත් හසීනා පැවැසුවාය. අවාමි ලීගය ඉලක්ක කරමින් විරෝධතාව ක්‍රියාත්මක වූ බවත් තමන් හැකි ඉක්මනින් බංග්ලාදේශයට නැවත වරක් යන බවත් හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.

ජනතාව තමන් නායකයා ලෙස තෝරාගත් බැවින් බංග්ලාදේශයට නායකත්වය දුන් බවත් තවදුරටත් නායකත්වය දීමට අවශ්‍ය නොවන බව බංගලාදේශ ජනතාවම පැවැසූ බැවින් තමන් රටින් පිටවූ බවත් හසීනා මහත්මිය පැවැසුවාය. බංග්ලාදේශයේ රැඳී සිටියා නම් එරට සම්පත්වලට විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද ඇය ප්‍රකාශ කළාය

Share with your friends :