27 C
Colombo
24/09/2024

තරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?

Share with your friends :

තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?- ධම්මික පෙරේරා
දස වසරකට පෙර මා සැලසුම් කළ බහුවිධ ප්‍රවාහන වැඩසටහනට බස් 50ක් ගෙන්වා ගන්න තවම බැරිවෙලා

“මේ රටේ වයස අවුරුදු 18ත් 28ත් අතරේ ලක්ෂ 36ක පිරිසක් සිටිනවා. ආර්ථිකය හදනවාය කියන්නේ මේ ලක්ෂ 36ට රැකියාවල් සපයන එක. ඒකේ අත්තිවාරම දැමීමයි අපි ඩීපී එඩියුකේෂන් හරහා මේ කරන්නේ.
අද වේදිකාව මත හැමෝම ආර්ථිකය දියුණු කරනවාය කියලා කියනවා. ඔබට එම වචන ටික ඇහිලම හුරු ඇති. ඔබ දන්නවා ගෙයක් හදනවා නම් පළමුවෙන්ම අත්තිවාරම දැමිය යුතුයි. එහෙම නැතිව කව්රුහරි අත්තිවාරම ගැන කථා නොක මම ගේ හදන්න උළුටික ගෙනාවා කියලා, ඔබ දන්නවා ඒ කියන්නේ බොරුවක්ය කියලා. එයා ගේ හදන්න දන්නෙ නැහැ කියලා. ඒ වගේම තමයි කව්රු හරි ආර්ථිකය හදනවා කියනවා නම් මේ තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා දෙන එකයි ඒ ආර්ථිකයේ අත්තිවාරම විය යුත්තේ. එය කථා නොකර ආර්ථිකය හැදිමක් ගැන කථා කරනවා නම් ඒ අත්තිවාරම ගැන කථා නොකර වහල ගහන්න කථා කරනවා වගේ දෙයක්” බස්නාහිර පළාත් ඩීපී අයි.ටී කැම්පස් සිසුන් හට සහතිකපත් බෙදාදීම වෙනුවෙන් හෝමාගම විල්‍‍ෆ්‍රඩ් සේනානායක පිටියේ පැවැති උත්සවයේදී ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙ‍රේරා මහතා පවසා සිටියේය.
ගිහි පැවිදි මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය සහ පූජක පක්ෂය මෙන්ම සිසුන් දෙමාපියන් ඇතුළු 12,000ක පමණ දැවැන්ත ජනතා සහභාගීත්වයකින් පැවැති එම උත්සවයේදී මෙලෙස අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා, කාලයේ තාලයට යාවාත්කාලීන නොවන අධ්‍යාපනයකින් ඇති ඵලය කුමක්දැයි ප්‍රශ්න කළ අතර එම අධ්‍යාපන රික්තකය පිරවීමට ඩීපී එඩියුකේෂන් හරහා කටයුතු යොදා ඇති ආකාරය‍ මෙහිදී පෙන්වාදුන්නේය.
මෙරට ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් අධ්‍යාපනයේ වැදගක්ම තබා තමන් විසින් හඳුන්වාදුන් ඉතා වැදගත් වෙනත් ප්‍රායෝගික වැඩසටහන් හෝ ක්‍රියාත්මකව නැතැයිද ධම්මික පෙරේරා මහතා මෙහිදී උදාහරණ සහිතව පැවසීය.
“මම අද මෙතැනට එනකොට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පසුකරගෙන ආවා. ඒ 2012- 2014 අතරේ මම එදා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් හැටියට සිටිද්දී හදපු ව්‍යාපෘතිය. එය තමයි කොළඹ නගරයේ ප්‍රවාහනය දියුණු කිරීමේ පළවෙනි පියවර ලෙසින් සැලසුම් වුනේ. ඒ ව්‍යාපෘතියට අනුව දුර සිට පැමිණෙන බස් මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා මගීන් රැගෙන පැමිණ එතැනින් එහාට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ ඔස්සේ ශීඝ්‍රගාමී සහ මන්දගාමී බස් රථ සේවාවක් සකස් කිරීමටයි සැලසුම් කළේ. නමුත් ගොඩනැගිලි ටික හැදුවා. ඉන් එහාට මොකුත්ම වුනේ නැහැ. මෙයට අවශ්‍ය වුනේ බස් 50ක් සේවයේ යෙදවීම පමණයි. මෙයින් පසුව මොරටුව දුම්රියපොළ, පිළියන්දල, මාලඹේ, කඩවත, රාගම දුම්රියපොළ, ජාඇල දුම්රියපොළ යන ස්ථානවල මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ‘සිටි බස්’ ප්‍රවාහන පද්ධතිය හදන්නයි අප සැලසුම් කළේ. නමුත් 2014 ඉඳලා අද දක්වාම ඒ නියමු ව්‍යාපෘතියට අයත් බස් 50වත් ගෙන්වුවේ නැහැ. නමුත් අපි මොනොරේල් දාන්න කථා කරනවා” යි ධම්මික පෙරේරා මහතා පවසන ලදි.
මේ අතර මේ සඳහා සහභාගී වී සිටි දෙමාපියන් අමතා, තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට කැපවන මෙන් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා ඉල්ලීමක් කර සිටියේය.
“මේ ඩිජිටල් ලෝකයේ වෙන් වෙන් රටවල් නැහැ. ලෝකයම එකක් වෙලා තිබෙනවා. ඒ ලෝකයේ භාෂාව තමයි ඉංග්‍රීසි. මෙතෙක් කල් තම මව් බසින් අධ්‍යාපනය ලබාදුන්නු ප්‍රංශය, චීනය කියන රටවල් පවා අද මෙතැනදි ගැටළුවලට මුහුණ දී සිටිනවා. බංගලිදේශයේ ප්‍රශ්නයත් එයමයි. රටේ මුදුන්මල්කඩ වගේ තිබෙන විශ්වවිද්‍යාලයකට ගොසිනුත් රැකියාවක් නැතිනම් කැරළි ගහන එක තමයි කරන්න වෙන්නේ” යැයි පැවසූ ධම්මික පෙරේරා මහතා සිය ඩීපී එඩියුකේෂන් වේදිකාව ඔස්සේ ලොව 140කට වැඩි රටවල් විසින් පිළිගනු ලබන අයි.ඊ.එල්.ටී.එස් සඳහා පාඨමලාවක් පවා සකසා ඇතැයි පවසන ලදි.
“දරුවන්ට වෙන මොනවා නැතත් මේ අයි.ටී විෂය සහ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. ජාත්‍යන්තර මට්ටමේ රැකියාවකට අවස්ථාව උදාකරගන්නවා මිස රට ඇතුළේ රැකියාවල් ගැන විශ්වාසය තබන්න එපා. ‍සමහර විට මේ රටේ වෘත්තීය පාඨමාලා හදැරූ පමණින් එයට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. නමුත් පිටරටට සරිලන වෘත්තීය පාඨමාලා ඩීපී එඩියුකේෂන් එක හරහා අපි සම්පාදනය කරනවා” යැයි පැවසූ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘවරයා ධනය සෙවීමේදී දැනුමේ වැදගත්කම මෙසේ අවධාරණය කර සිටියේය.
“දැනුම තමයි ධනය සඳහා තිබෙන කෙටිම දුර. මම මෙහි සිටින හැම දරුවෙක්ටම කියන්නේ අධ්‍යාපනයෙන්ම දියුණුවෙනවා හැරෙන්න ධනයට තිබෙන වෙනත් කෙටි ක්‍රම ගැන නම් හිතන්න එපා. අධ්‍යාපනය නොමැතිව මෙවැනි තැනකට එන්න බැහැ. මගෙ ජීවිතයත් ගොඩනැගුනේ එහෙමයි” යැයි පැමිණ සිටි දරුවන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.

Share with your friends :

Related posts

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේ

ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ පාර්ශව අතර මතගැටුම්

Channel News Lanka

මුදල් කන ජනමත විචාරණ එපා

සම්මතවූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා-රනිල් වික්‍රමසිංහ

Channel News Lanka

ලබන සතියේ පිහිටුවන සජබ සන්ධානයට පක්ෂ රැසක් ?

Channel News Lanka

පොහොට්ටු අපේක්ෂකයා ජාතික සම්පත් විකුණන්නේ නැති කෙනෙක්

Channel News Lanka