27 C
Colombo
24/11/2024

විවාහ වයස් සීමා අඩුකරන්න යෝජනාවක්

Share with your friends :

කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා ද පිරිමින්ගේ වයස් සීමාව අවුරුදු 15 දක්වාද අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

මේ දක්වා කාන්තාවන්ගේ හා පිරිමින්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව අවුරුදු 9ක් හා 15 ක් ලෙස දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී තිබේ.

පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇති බව කාන්තා සංවිධාන පෙන්වා දී ඇත.

Share with your friends :