27 C
Colombo
24/09/2024

චෝදනා තියෙන අයව ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වැඩක්-මගේ වැඩක් නෙවෙයි–ජනපති

Share with your friends :

තමන්ට සහාය දෙන මැති ඇමතිවරුන්ට චෝදනා ඇත්නම් ජනතාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ව ප්‍රතික්ෂේප කළ යුතු බවත් ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ලබාදෙන්නේ තමන් වෙනුවෙන් බවත් මහමැතිවරණයේදී කිසිවෙකු වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවලට තමන් සහභාගී නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – පොහොට්ටුවෙන් ඔබ වටා එකතුවෙලා ඉන්න බොහෝ දෙනා චෝදනා බොහෝමයක් තියෙන කට්ටිය ?

“ඉතින් බොහෝ දෙනෙක් ඉන්නෙ මං එක්කනෙ”

ප්‍රශ්නය – චෝදනා ලැබූවන් ?

“කවුද ?”

ප්‍රශ්නය – ඔබතුමා සමග සිටින බොහෝ දෙනෙක් ?

“මං එක්ක ඉන්නෙ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු”

ප්‍රශ්නය – ඔවුන්ට චෝදනා තියෙනවා …

“ඉතින් චෝදනා තියෙන අයට නඩු දාලා තියෙනවා. මම කවුරුත් නවත්තලා නෑ. චෝදනා තියෙන අය තියනවාද නැද්ද කියන එක ඡන්ද දායකයින් තෝරන්න ඕනෙ. මගේ එකක් නෙවෙයිනෙ”

ප්‍රශ්නය – ඔබතුමා මං හිතන්නෙ මගේ ප්‍රශ්නය මඟහරිනවා … චෝදනා තියෙන අය එක්ක ඔබට ඉදිරි ගමනක් තියෙනවද කියන එකයි මම අහන්නෙ ?

“මගේ ඉදිරි ගමන තියෙන්නෙ ජනාධිපති වෙන්න. ඒ අයගේ ඉදිරි ගමන තියෙන්නෙ ඊටපස්සෙ පාර්ලිමේන්තුවට එන්න. ඉතින් ඡන්ද දායකයින් ඒගොල්ලො ප්‍රතික්ෂේප කළොත් ඒ ප්‍රශ්නය එතැනින් ඉවරයි”

ප්‍රශ්නය – මේ කණ්ඩායමට ඡන්ද දායකයො ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙයිද ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ?

“මොකක්ද ඡන්ද දායකයො ඩ්‍රයිව් කරනවා කියන්නෙ ?”

ප්‍රශ්නය – ගෙනියන්න, රැගෙන යන්න, ඡන්ද දායකයො පොළඹවන්න ඔබතුමා වෙනුවෙන් ?

“නෑ, නෑ. මේගොල්ලො ඡන්දෙ දෙන්නෙ මං වෙනුවෙන්. පාර්ලිමේන්තු ඡන්දය ආවාම ඒගොල්ලො ගිහින් කරගන්න. මම ගිහින් කැන්වස් කරන්නෑ ඒ මන්ත්‍රීවරු වෙනුවෙන්. ඕනෑ එක්කෙනෙක්ට පුළුවන් මට මේවා කරන්න. අද මේ බාගවෙලාවට හොරකම් කරලා හිරේ ගිය මිනිස්සුත් මට ඡන්දය දෙයි. කිසිම මන්ත්‍රීවරයෙකුට විරුද්ධව නඩුවක් දැම්මා නම් මං ඒකට අතගැහුවාද ? මම ඇමතිවරු ආරක්ෂා කරන්න ගියාද ? දැන් ඇමතිවරයෙක්ට එරෙහිව උසාවියෙ තියෙනවා නඩු. මම ඒවා නවත්තන්න කිව්වද ?”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග පැවති හමුවකදී ය.

Share with your friends :