27 C
Colombo
24/09/2024

ජනපති සටනට එන්නේ නෑ-ධම්මික පෙරේරා

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් තමා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයටත් ඔබටත් අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කරන බවද ඔහු එම ලිපියෙන් දන්වා ඇත.

පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතුවල සාර්ථකත්වය උදෙසා සුබ පැතුම් පිරිනමන බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි

Share with your friends :