27 C
Colombo
24/09/2024

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹට නව කළමනාකරුවන් පත් කෙරේ

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන කළමනාකරු ලෙස M.H. මිස්බා මහතා එ.ජා.ප. නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කය කොටස් තුනකට බෙදා එහි කළමනාකරුවන් ලෙස අජිත් පතිරණ , මෙත්සිරි පරණවිතාන හා නන්ද මුත්තෙටුවේගම යන මහත්වරු පත් කර තිබේ.
අජිත් පතිරන හට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය හා කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය ද, මෙත්සිරි පරණවිතාන හට මොරටුව, රත්මලාන , දෙහිවල, කඩුවෙල ඡන්ද කොට්ඨාශ ද , නන්ද මුත්තෙටුවේගම වෙත අවිස්සාවේල්ල,හෝමාගම,මහරගම හා කැස්බෑව ඡන්ද කොට්ඨාශ කළමනාකරණ වගකීම් ලබාදී තිබේ. ඒ ඒ එජාප ආසන සංවිධායකවරුන් සමග සම්බන්ධීකරණය කරමින් ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ සංවිධාන කටයුතු මෙහෙයවීම නව කළමනාකරුවන්ට පවරා තිබේ.
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන අතර කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණය චන්න වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

Share with your friends :

Related posts

බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්