27 C
Colombo
24/09/2024

දළදා පෙරහරේ පුටු ගිනිගණන් – විදෙශිකයින්ගේ විරෝධය

Share with your friends :

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා විදෙස් සංචාරකයන්ගේ ආසනයක් සඳහා අධික මිලක් අය කිරීමට විදේශිකයන් දැඩි විරෝධයක් එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර ඇසළ පෙරහැර බැලීම සඳහා කල් ඇතිව මහනුවරට පැමිණ සිටි විදෙස් සංචාරකයන් කීප දෙනෙක් පැවසුවේ තමන්ට පදික වේදිකාවේ සාමාන්‍ය මහජනතාව සමග පෙරහැර බැලීමට එක්ව වාඩිවී සිටිය හැකිබවයි.

මේ සම්බන්ධව මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට දිසාපති වරයාපැවසූවේ සංචාරකයන්ගේ ප්‍රශ්න පිළිබඳව සහ මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංචාරක අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවත්වන බව පැවසීය.

මහනුවර ඇසළ පෙරහර සමයේ පෙරහර නරඹන්නන් සඳහා ආසන ඉදිකරන ආයතන එම ආසන අධික මුදලකට අළෙවි කිරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳව කිසියම් ක්‍රියා මාර්ගයක් ගත යුතු වන්නේ මහනුවර ඇසළ පෙරහර භාරය බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා ප්‍රකාශ කළේය.

Share with your friends :