27 C
Colombo
24/09/2024

‘‘අධ්‍යාපනය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි‘‘

Share with your friends :

මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (02) කොළඹදී පැවසීය.

ඇතැමුන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කර නමුත් එය එසේ නොවිය යුතු බවත් දැනුම කිසිසේත් වෙළෙද භාණ්ඩයක් නොවිය යුතු බවට ඔහු අවධාරණය කළේය.

රට වැටී තිබෙන තැන පිළිබඳව නොයෙක් තැන් වල‍ෙ විවිධ විග්‍රහ තිබුණත් එය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු වීමෙන් පමණක් යයිද ඔහු සඳහන් කළේය.

ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.

මරදාන පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ මෙම සමුළුව පැවැත්විණි.

Share with your friends :