27 C
Colombo
24/09/2024

අගමැතිනි ෂෙයික් හසීනාට ඉවත්වන්නැයි බංග්ලාදේශයේ අරගලයක්-80 ක් මරුට

Share with your friends :

අගමැතිනි ෂෙයික් හසීනා ට ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ උද්ඝෝෂණ ආරම්භවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම උද්ඝෝෂණ පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ “ස්ටන් අත්බෝම්බ” ප්‍රහාර එල්ලකර තිබුණි.

මේ දක්වා පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 80 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන් ය.

මෙම කලබල හේතුවෙන් එරට අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් බලධාරීන් කටයුතු කර තිබුණි.

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ භාවිත කර තිබුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

Share with your friends :