27 C
Colombo
24/09/2024

පොහොට්ටු තීරණ පිළිනොගන්නා අයගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර

Share with your friends :

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුත් ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට පොහොට්ටුවේ පිරිසක් තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

එලෙස ලිපියක් ලැබී ඇති ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරන්නේ, “අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි මේවට බය නෑ. අපි තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිතුමා මේ රටට සිදුකළ සේවය නිසයි.” යනුවෙනි.

Share with your friends :