27 C
Colombo
24/09/2024

e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Share with your friends :

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (2) පස්වරුවේ පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බව කී ඉලුක්පිටිය මහතා මෙම තත්වය පිළිබඳව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සාකච්ඡා කරන බව ද ඉලුක්පිටිය සඳහන් කළේය.

එළඹෙන සඳුදා දිනයේ වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

Share with your friends :