27 C
Colombo
18/01/2025

උද්ධමනය තවත් ඉහළට

Share with your friends :

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මස උද්ධමනය සියයට 1.7 ක්ව පැවැති බවත් ඒ අනුව මෙම මස තුළ උද්ධමනය සියයට 0.7 කින් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව කීය.

පසුගිය ජූනි මාස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.4 ක් ලෙස වාර්තා වූ බව කියන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මෙම මස සියයට 2.8 ක පැවැති අතර ජූනි මාසයේ එය සියයට 1.8 ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් කරයි.
මෙරට ඉතිහාසයේ වැඩිම බඩුමිල වාර්තා වුයේ වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දුගේ සමයේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඩොලරයේ අගය රුපියල් 385 සිට 295 දක්වා අඩු කලද භාණ්ඩ හා සේවා මිලගණන් ඊට ස්පෙක්ෂාව පහල දමන්නට වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු අපොහොසත් විය.

Share with your friends :