27 C
Colombo
25/09/2024

සජිත්ගේ ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් තහනම්

Share with your friends :

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

ඒ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක හුස්ම සහ සක්වල වැඩසටහන් නතර කෙරුවත් රජයේ මුදල් අවභාවිතා කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදාදීම, ශිෂ්‍යත්ව වැඩසටහන්, ආගමික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ කාලසීමාවක රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කරමින් එම කටයුතු නතර කරන්නයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ලිඛිතව පැමිල්ලි කළ බවත් ඔහු තවදුරටත් කීවේය.

Share with your friends :