27 C
Colombo
24/09/2024

ප්‍රීමා -සෙරෙන්ඩිබ් -පිරමිඩ් විල්මා බිලියන ගණන් ලාභගන්න නිසා පාන් මිල ඉහල ගිහින්

Share with your friends :

අසාධාරණ ඒකාධිකාර සමාගම් කීපයකට ලබා නොදෙන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් සියයකටත් වඩා අඩු මුදලකට ලබා දෙන්නේට බේකරි හිමියන් සුදානම් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති N.K ජයවර්ධන පවසයි.

“ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි අඩුවුනාට ලංකාවේ ප්‍රීමා සමාගම හා සෙරෙන්ඩිබ් සමාගමේ ඒකාධිකාර නිසා පිටි මිල අධිකයි.
තිරිඟු ඇට කිලෝවට බද්ද රුපියල් 3 යි. තිරිඟු පිටි කිලෝවට බද්ද රුපියල් 45 යි. ඩොලරය අඩු වුනාට තාමත් තියෙන්නේ ඩොලරය 370 ට තියෙද්දී තිබුණු පිටි මිල.
ලෝක වෙළඳ පොලේ මාජරින් කිලෝව රුපියල් 300 යි. පිරමිඩ් විල්මා අපට විකුනන්නේ රුපියල් 1000 ට. 600 ක බද්දක් පනවලා පිරමිඩ් විල්මා ට බිලියන ගණන් ලාභ ගන්න දීලා . මිනිස්සු පාන් ,කේක් ,බේකරි කෑම ගණන් වැඩි නිසා ගන්නේ නැහැ.ඒනිසා බේකරි කර්මාන්තයත් අනතුරේ.”

Share with your friends :