27 C
Colombo
25/09/2024

ප්‍රභූ ආරක්ෂාවට කෝටි 583ක් වැය කරලා

Share with your friends :

මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ ආගමික නායකයන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂකයන් (ප්‍රභූ ආරක්ෂක සේවය) වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 583 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ප්‍රභූ ආරක්ෂකයන් වෙනුවෙන් පසුගිය 2018 වසරේ සිට 2022 වසර දක්වා කාල පරිච්ඡේදයේ දැරූ වාර්ෂික සාමාන්‍ය වියදම රුපියල් කෝටි 434 ක් බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාල පොලිස්පතිගේ චක්‍රලේඛයට පරිබාහිරව අනුයුක්තව සිටින නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දීමනා වියදම පිරිමැසුම්දායක නොවන බව විගණන නිලධාරින්ගේ නිරීක්ෂණයවී ඇත.

Share with your friends :