27 C
Colombo
25/09/2024

ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂකයා නුවන් බෝපගේ

Share with your friends :

ජන අරගල සන්ධානයේ ජනපති ධූර අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කරන බව මහජන පුස්තකාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (29) නිවේදනය කළේය.

ලහිරු වීරසේකර එම නිවේදනය ඉදිරිපත් කළේය. එම නිවේදනය භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරණ නුවන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා ගත්තේය.

2022 ගාලු මෝදර අරගලය ඇතුළු ජන අරගල ගණනාවකට ඔහු නායකත්වය ලබා දුන්නේය.නුවන් ජන අරගල සංධානයේ විධායක කමිටු සාමාජිකයෙකුද වෙයි.

Share with your friends :