27 C
Colombo
24/09/2024

රනිල් මහින්දගේ නිවසට-මහින්දට අගමැති අපේක්ෂකත්වය ? තීන්දුව හෙට

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් 28 පස්වරුවේ සිදුවී තිබේ.

විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇත.

ඔවුන් දෙදෙනා අතර සිදුව පමණක් සිදුව ඇති මෙම කතාබහ දී කුමක් සම්බන්ධයෙන් සාකච්ඡාව වීදැයි හෙළිවී නැත.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු හුවමාරු වන්නට ඇතැයි ද වාර්තා වෙයි.
මෙහිදී පාර්ශව දෙක එක්ව කටයුතු කරන්නේ නම් අගමැති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දිය යුතු බව පොහොට්ටුවේ මතය බවද පැවසේ. මේ අතර ස්වාධීනව තරග කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යම් කිසි පක්ෂයකින් තරග කල යුතු බව පොහොට්ටුවේ ඉල්ලීම් අතර වන බව සඳහන්ය.

Share with your friends :