27 C
Colombo
24/09/2024

අමෙරිකාවටත් හිසරදයක් වූ එල් මායෝ අත්අඩංගුවට

Share with your friends :

සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ඉස්මයිල් “එල් මායෝ” සම්බාඩා සහ ඔහුගේ හිටපු සහකරු ජෝකින් “එල් චැපෝ” ගුස්මන්ගේ පුත්‍රයා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගෙන ඇත,

සම්බාඩා යනු මෙක්සිකෝවේ ඉතිහාසයේ වඩාත්ම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින එල් චැපෝ සමඟ එක්ව සිනලෝවා කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය නිර්මාණය කර තිබිණි.

එක්සත් ජනපදයේ බොහෝ තරුණයන්ගේ මරණ වලට වගකිවයුතු ෆෙන්ටැනයිල් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්සත් ජනපද වීදිවලට ​​ගෙන යාම, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, පැහැරගැනීම්, මුදල් විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ වැනි සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනාවන් එල්ල වේ.

නැගෙනහිරින් මෙක්සිකෝ බොක්කේ සිට බටහිරින් පැසිෆික් සාගරය දක්වා දිවෙන අමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර පිහිටි කිලෝමීටර 3,145ක දේශසීමාව දැඩි රැකවල්ලා ආරක්ෂා කිරීමට අමෙරිකාව උත්සාහ කරන හේතුව නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීම පමණක් නොවෙයි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අමෙරිකාවට පැමිණෙන්නේ එම දේශසීමාව හරහා වීමත් ඊට තවත් ප්‍රධාන හේතුවකි.

මෙක්සිකෝවේ නීත්‍යානුකූල රජයන්ට අභියෝග කරන්න තරම් ප්‍රබල මත්ද්‍රව්‍ය කල්ලි මෙක්සිකෝවේ ක්‍රියාත්මක වෙයි.

මේ මත්ද්‍රව්‍ය කල්ලිවල පැහැරගැනීම්, අතුරුදන්වීම් වගේ අපරාධ ක්‍රියා නිසා වසරක් පාසා 30,000ක් පමණ මෙක්සිකෝ වැසියන් මිය යන බව අනාවරණය වී තිබේ.

මෙක්සිකෝවේ විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිය සිනලෝවා පිහිටුවනු ලැබූ ‘එල් චාපෝ‘ ගුස්මාන් 2017 වසරේදී මෙක්සිකෝව අත්අඩංගුවට ගෙන අමෙරිකාවට පිටුවහල් කළේය.

එහි නඩු විභාගයකින් පස්සේ ‘එල් චාපෝ‘ ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණේ ඔහු සිදුකළ දැවැන්ත මත්ද්‍රව්‍ය වැරදිවලට ය.

එල් චාපෝ එක්ක සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලිය පිහිට වූ ඔහුගේ සගයා ඉස්මයෙල් සම්බාඩා නැත්නම් ‘එල් මායෝ‘ය.

අමෙරිකාවේ දැන් දැවැන්ත අර්බුදයක් බවට පත්වී ඇති ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය අමෙරිකාවට රැගෙන ඒමට ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ ඔහු බව විශ්වාස කෙරෙයි.

වයස අවුරුදු 18ත් 45ත් අතර අමෙරිකානුවන්ගේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය බව දැන් අනාවරණය වී ඇත.

‘එල් මායෝ‘ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාව ප්‍රාන්තයේ එල් පාසෝ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු බලධාරීන් සමත් වී තිබුණි.

‘එල් මායෝ‘ සමග එල් චාජෝගේ පුත්‍රයා ද අමෙරිකානු අත්අඩංගුවට පත්වුණි.

වයස අවුරුදු 70ක් පමණ වන සම්බාඩා නැත්නම් එල් මායෝ සහ වයස තිස් ගණනක් වූ ගුස්මාන් ලෝපේස් පෞද්ගලික ගුවන් යානයකින්, එල් පාසෝ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අමෙරිකානු බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ගුස්මාන් ලෝපේස්, අමෙරිකාවේ බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය කල්ලි නායක ‘එල් චාපෝ‘ගේ පුත්‍රයින් 04 දෙනාගෙන් එක් අයෙකි.

ඔහු සිය පියාගෙන් උරුම වූ සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙය වන බව විශ්වාස කෙරෙයි.

ඔහුගේ තවත් සොහෙයුරෙකු වන ඔවිඩියෝ ගුස්මාන් පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග සඳහා අමෙරිකාවට පිටුවහල් කරනු ලැබීය.

මාරාන්තික ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය අමෙරිකාවට ගෙන එන අපරාධ කල්ලිවලින් ප්‍රධානතම සැපයුම්කරු වන සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලිය ගතවූ වසර කිහිපය තුළ අමෙරිකානු බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණි.

දැන් අත්අඩංගුවට පත්වී ඇති එල් මායෝ සහ ගුස්මාන් ලෝපෙස්ට එරෙහිව ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීමේ ජාලයක් පවත්වා ගෙන යාම ඇතුළු සාපරාධී මෙහෙයුම් සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් චෝදනා ගොනු කිරීමට නියමිතය.

මොවුන් අත්අඩංගුවට ගැනීමේ පුවත මුලින්ම රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළ අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුව නිවේදනයක් නිකුත් කරමින් එය සනාථ කළේය.

ඉස්මයෙල් සම්බාඩා නැත්නම් එල් මායෝ සහ ගුස්මාන් ලෝපේස් රැගත් බීච්ක්‍රාෆ්ට් කිං එයා ගුවන් යානය එල් පාසෝ ආසන්නයේ පිහිටි සැන්ටා තෙරේසා ගුවන්තොටුපොළට ගොඩබෑමේදී එහි ඔවුන් එනතුරු බලාසිටි අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවා නියෝජිතයන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

Share with your friends :