27 C
Colombo
25/09/2024

මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ-ටිරාන් අලස්

Share with your friends :

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පැවැසීය.

යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවත් ද අමාත්‍යවරයා කීය.

පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් ‘යුක්තිය’ වැඩපිළිවළ නොනවත්වන බවද ඇමතිවරයා කීය.

වැඩ බලන පොලිස්පතිවරයකු මේවනවිට නිර්දේශ කර ඇත්ද යන්න පිළිබදව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවැසූවේ වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවයි.

Share with your friends :