27 C
Colombo
24/09/2024

මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ සමගි ජන බලවේගයෙන් මාතරට

Share with your friends :

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගය සමග එක්ව ඇති හෙට්ටිගේ මහතා ඊට අදාළ පත්වීම පසු ගියදා පාර්ලිමේතුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය.

හෙට්ටිගේ මහතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේද කලක් සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදියෙකි

Share with your friends :